නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බත්තරමුල්ලටත් බස් මංතීරු ක්‍රමය

    අගෝස්තු 30, 2017
    මෙරට වැඩිම මාර්ග තදබදයක් තිබෙන මාළබේ  සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ පොල්දූව පාලමේ  සිට බොරැල්ල දක්වා වූ කොටසේ බස් මංතීරු ක‍්‍රමය ඊයේ (29) උදෑසන 6.00 සිට 9.00 දක්වා ක්‍රියාත්මක කරනු ලබන බව ඇමති පාඨලී චම්පික සඳහන් කරයි. බොරැල්ල මරදාන මාර්ගය මේවන විට පිළසකර කරමින් පවතින අතර නොවැම්බර් මාසයේදී, බොරැල්ලේ සිට මරදාන දක්වා උදෑසන 6.00 සිට 9.00 වන තෙක් ස්ථාවර බස් මංතීරුවක් ආරම්භ කිරීමට කටයුතු   කරන බවත් හෙතෙම පැවසීය.
     
    අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් බස් ප‍්‍රමුඛතා මංතිරු වැඩසටහනේ තවත් අදියරක් ඊයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    මෙයට සමගාමීව ඊයේ පස්වරුවේ දී නිදහස් මාවතේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වා ද බස් මංතීරු වැඩසටහන සවස 4.00 සිට රාත‍්‍රි 7.00 දක්වා ආරම්භ කෙරුණි. 
     
    පොල්දූව මංසන්දියේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ කාර්යාලවලට, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍යාංශ සහ සෙසු ආයතන වෙත පිවිසීම සඳහා බත්තරමුල්ල නගරය මගහැර පොල්දූව විකල්ප මාර්ගයේ පළමු අදියර අධීක්‍ෂණය කරමින් අධ්‍යන කාල සීමාවකට රථවාහන ගමනාගමනයට එම නව මාර්ගය විවෘත වන අතර ලබන වසරේදී කොස්වත්ත දක්වා එම මාර්ගය දීර්ඝ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
     
    මෙම වසරේදී බත්තරමුල්ල ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට සැලසුම් අවසන් අදියරේ පසුවන බවත් ඇමති චම්පික රණවක පවසයි. ඒ අනුව බත්තරමුල්ල අංගසම්පූර්ණ පරිපාලන නගරය බවට පත් කිරීමේ කටයුතු දියත් කර තිබෙන අතර, ඒ සඳහා වන ආශ‍්‍රිත සේවාවන්ගේ ආරම්භක දිනය වූ අද දිනයේදී ප‍්‍රමුඛතා මංතීරු හේතුවෙන් යම් යම් අපහසුතා ඇතිවීමට ඉඩ තිබේ. එනමුත් රටේ මාර්ග තදබදයට විසඳුම ලෙස පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා මෙම ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.
     
    කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව පසුගියදා කොළඹ නගරය ආශ්‍රිතව ක‍්‍රියාත්මක කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya