පසුගිය කාලයේ ඇති වු ගංවතුර උවදුරු හා මුහුදේදී අනතුරු සිදු වූ අවස්ථාවන්වලදී අනතුරට පත්වූ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය දායකත්වය ලබා දුන්නේය. ඉදිරියේ දී ඇති විය හැකි එවන් ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබඳව ප්‍රගුණ කිරීමේ අරමුණින් මෙම පුහුණුව පැවැත්වුණි.
මේ සඳහා ගුවන් නියමුවන්, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භටයින් හා අවිකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී වූහ.
එහි අධීක්ෂණ කටයුතු අංක 4 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් අසේල කුරුවිට සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා අණදෙන නිළධාරි ස්කොඩ්රන් ලිඩර් තුසිත නන්දන කුමාර යන නිළධාරීන් විසින් සිදු කරන ලදි.