නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි පාඨමාලාව සදහා පළමු ලාංකිකයා හෙට දිවයිනෙන් පිටත්ව යයි

    අගෝස්තු 26, 2017


     කොරීයානු ජාතික ධීවර මහා සම්මේලනය මගින් ලබාදුන් ශිෂ්‍යත්වය අනුව ධීවර ක්ෂේත්‍රය පිළිබද පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබූ පළමු සිසුවා වන  ඉසුරු උමන්ද ද සිල්වා ලබන ඉරිදා (27 ) කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

    ඒ සදහා වන ගුවන් ටිකට්පත් ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙදී සිදුකෙරිණ.

    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකළ සංචාරයේදී එරට ජාතික ධීවර මහා සම්මේලනය විසින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට එකගත්වය පළකර තිබුණි.

    මෙම ශිෂ්‍යත්වය අනුව  ඔහුට පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරීමේ ගුවන් ටිකට්පතේ සිට සියළු විටදම් කොරියාව විසින් දරනු ලබයි.

    ඒ අනුව මෙම ශිෂ්‍යත්වය  සදහා සුදුස්සකු තෝරාගැනීමේ කටයුතු පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැදවා ජාතික ධීවර මහා සම්මේලනයේ සහයෙන් සිදුකරනු  ලැබිය .මෙම පශ්චාත් උපාධි පාඨමාලාවේ කාලය වසර දෙකකි.

    එම පශ්චාත් උපාධි පාඨමාලාව අවසන් කර නැවත ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙරට ධීවර කර්මාන්තය වෙනුවෙන් ඔහුගේ සේවය ලබාගැනීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම අපේක්‍ෂාව බව එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉසුරු උමන්ද ද සිල්වාට සුභ පතමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya