නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංග ක්‍රියාවලිය විහිළුවක් වෙලා - පා.ම. රවි කරුණානායක

    අගෝස්තු 25, 2017
    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ක්‍රියාවලිය විහිළුවකට ගෙන ඇතැයි ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් එය විශ්වාසයක් බවට ඔප්පු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    රාජිත සේනාරත්න අමාත්‍යවරයා වත්මන් රජය ඇතිකිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ බවත් එය දරාගැනීමට නොහැකි විපක්ෂය මෙවැනි ක්‍රියාවක් අනුගමනය කිරීමට කටයුතු කරමින් පවතින බවත් පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඖෂධ මිල අඩුකිරීම, ස්ටෙන්ස් මිල අඩුකිරීම වැනි රාජිත අමාත්‍යවරයා ජනතාවට දුන් සහන පිළිබඳ ව කතානොකරන බවත් කීය.
     
    ඒකාබද්ධ විපක්ෂයේ වැරදි ක්‍රියාවන් වසාගැනීමේ චේතනාවෙන් මෙවන් ක්‍රියාවන් අනුගමනය කරන බවත් රටේ ජනතාව වෙනුවෙන් රාජිත අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා පැහැදිලි වාසදායක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුර මහතා පැවසීය.
     
    ඒකාබද්ධ විපක්ෂය විටින් විට විශ්වාසභංග යෝජනාවන් ගෙනඒම තුළින් විශ්වාසභංග යෝජනාවක් සඳහා ඇති වටිනාකම් වියැකෙන බවත් කොතරම් විශ්වාසභංග යෝජනාවන් ගෙන ආවද ඒ සියලු යෝජනාවන් තුනෙන් දෙකකට වැඩි බලයකින් පරාජය කිරීමට කටයුතු කරන බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya