නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානසික සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට පියවර

    අගෝස්තු 25, 2017

    මානසික රෝග ප්‍රතිකාර සඳහා ඖෂධ මෙන්ම මනෝ වෛද්‍ය උපදේශනය ද අවශ්‍ය බව  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පැවසීය.

    ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිඳ ජාත්‍යන්තර සමුළුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (25) ආරම්භ වූ අතර එහිදී අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය. රටවල් 15 ක නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටින අතර හෙට (26) සහ අනිද්දා (27) දිනවලද මෙම සමුළුව පැවැත්වේ.

    දිවයින පුරා දිස්ත්‍රික්කවලට මානසික විශේෂඥ වෛද්‍යවරුන් 25 ක් පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවත්  ඒ සදහා මානසික සෞඛ්‍ය පිළිබඳ සියලුම වෛද්‍යවරුන් ඒකරාශී වී සිටීම ඉතාම වැදගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වසර 30 ක් පුරා පැවැති යුද්ධය , සුනාම් ඛේදවාචකය වැනි හේතු නිසා ශ්‍රී ලාංකිකයින් දැඩි මානසික පීඩනයන්ට ලක් වූ අතර එම පිරිසගේ මනස සුවපත් කිරීමට කටයුතු කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    " මානසික සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් බව මම ප්‍රකාශ කරනවා. දියුණු ලෝකය තුල මානසික ප්‍රශ්ණ සහ මානසික අසහනය මෙන්ම මානසික ආසාධාරණත්වය ද දැකිය හැකියි. ශ්‍රී ලංකාව තුල මානසික අසාධාරණත්වය, දේශපාලනය සහ සංස්කෘතිය තුලින් ද දැකිය හැකි වෙනවා. තරුණ පරපුර විරැකියාව හේතුවෙන් මානසික ප්‍රශ්ණ වලට මුහුණ දී සිටීම ද තවත් ගැටලුවක්.” බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙම අවස්ථාවට සුප්‍රකට ඇමරිකානු මනෝවිද්‍යාඥ මහාචාර්ය මාර්ටින් සෙලිග්මන්ගේ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya