නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඔප්පු 4,000ක් ප්‍රදානය කරයි

    අගෝස්තු 24, 2017

    ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු බෙදාදීමේ කඩිනම් ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භ උත්සවය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනයේදී  පසුගියදා පැවැත්විණි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

    මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය සහ කරණ්දෙණිය යන ප්‍රදේශවල ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට 4,000කට පමණ හිමිකම් ඔප්පු ප්‍රදානය මෙදින සිදු කෙරුණි.

    මෙහිදී ආගමික සිද්ධස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන වෙනුවෙන් ඔප්පු ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවූ අතර අනෙකුත් ඔප්පු ප්‍රදානය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදුවිය.

    මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු ඇමතිනි තලතා අතුකෝරාල, කාන්තා හා ළමා කටයුත් ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන්  රාජ්‍ය නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya