එම සැලැස්මෙහි කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) කොළඹදී පැවැත්වුණු අතර එය වැඩමුළුව අද (24) දිනයේ ද පැවැත්වේ.
දරුවන් හට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ස්ථාපිත කර ඇති මෙම සංවිධානය සාර්ක් සංවිධානයේ සාමාජිකත්වය ලබන අතර ඇෆ්ගනිස්ථානය, භූතානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව යන රටවල් සාමාජිකත්වය දරනු ලැබේ.
මෙම සියලුම සාමාජික රටවල් නියෝජනය කරමින් විෂය තුළ ප්‍රවීණයන් මේ අවස්ථාවට සහභාගී වන අතර මේ වැඩමුළුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ දායකත්වයෙන් පැවැත්වේ.