මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් හැදුවේ නැහැ

    අගෝස්තු 23, 2017

    පසුගිය දින 100 වැඩපිළිවෙළ සහ ජාතික ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළක් නොවන බවත් රටේ දැවෙන ප්‍රශ්න විසඳීමේ අරමුණින් අමාරුවෙන් සකස් කළ වැඩපිළිවෙළක් වන අතර එය දකුණු ආසියාවේ ප්‍රථම අත්හදා බැලීමේ වැඩක් බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසීය.

    පක්ෂයක් හදවනාවට වඩා රටත් හදන එක අසීරු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක් ස්ථාවරයක සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    අනාගතේ දේශපාලනය පවා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

     

    ආණ්ඩුව යම් යම් පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලබන අතර සමූහික තීණ්දු පොදු ක්‍රමවේදයක් අනුව තීරණය කරනු ලබන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරුන් පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya