නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගයෙන් පසුත් ප්‍ර‍ශ්න පත්‍ර‍ය ළඟ තබාගැනීම තහනම්

    අගෝස්තු 20, 2017

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසුත් ශිෂ්‍යත්ව ප්‍ර‍ශ්නපත්‍ර‍ය රහස්‍ය ලේඛනයක් බැවින් එම ප්‍ර‍ශ්න පත්‍ර‍ළඟ තබාගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ළඟතබා ගැනීම, විකිණීම, මුද්‍ර‍ණය කිරීම, පුවත්පත්වල හා වාර සඟරාවල මුද්‍ර‍ය කර ප්‍ර‍සිද්ධ කිරීම හා වෙනත් කුමන හෝ ආකාරයකට ප්‍ර‍සිද්ධ කිරීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග යම් ආකාරයකින් හෝ කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දූරකතන අංකවලට පැමිණි කළ හැකි වේ.

    විභාග දෙපාර්ත්මේන්තුව ක්ෂණික ඇමතුම් අංකය - 1911
    පාසල් විභාග සංවිධානය ශඛාව - 0113188350/0113140314
    පොලිස් මූලස්ථානය - 0112421111
    පොලිස් හදිස් ඇමතුම් අංකය - 119

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya