නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තාක්‍ෂණය අනුව රටට ගැලපෙන වරායන් ඉදිකිරිම අපේක්‍ෂාවයි- ධීවර රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 17, 2017

    රටේ අවශ්‍යතාවකින් තොරව වරායන් ඉදිකිරීමට කිසිදු කැමැත්තක් නොමැති බවත් නවීන තාක්‍ෂණය අනුව රටට ගැලපෙන වරායන් ඉදිකිරිම අපේක්‍ෂාව බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

         
    රටේ අවශ්‍යතාවකින් තොරව වරායන් ඉදිකිරීමට මාගේ කිසිදු කැමැත්තක් නැහැ. නවීන තාක්‍ෂණය අනුව රටට ගැලපෙන වරායන් ඉදිකිරිම අපේක්‍ෂාවයි.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කරයි.

    මෙරට ධීවර කර්මාන්තයේ අනාගත ඉලක්ක ජයගතහැකි ලෙස බහුකාර්ය ධීවර වරායන් සැලසුම් කර ඉදිකළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    රටේ අවශ්‍යතාව පසෙකට දමා රට වටා වරායන් ඉදිකිරීමෙන් රටට, ජනතාවට හෝ ධීවර කර්මාන්තයට ලැබෙන දෙයක් නොමැති බව ප්‍රකාශ කළේ, යෝජිත බහුකාර්ය ධීවර වරායන් 04 ට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනයේ නිරත කොරීයානු ධීවර අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායම හමුවේ දී ය.

    අදාළ ශක්‍යතා අධ්‍යනයේ ප්‍රගතිය පිලිබදව දැනුම් දීම සදහා එම කොරීයානු නියෝජිත කණ්ඩායම පසුගිය දා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙ දී රාජ්‍ය අමාත්‍යවරයා හමු විය.

    චලෙයි,මාදගල්, ඩෙල්ෆ්, උඩප්පුව  යන ප්‍රදේශවල මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටිති. ඒ සදහා තාක්‍ෂණය සමග මුලික පාරිසරික ශක්‍යතා අධ්‍යනය කොරියාව විසින් සිදුකරදීමට එකගත්වය පල කලේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසය.

    මෙම බහුකාර්ය ධීවර වරායන් සංචාරක, ධීවර හා වාණිජ ඉලක්ක එකවර ජයගැනීම අරමුණු කර ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සදහා මුලික ශක්‍යතා අධ්‍යනය නොමිලේ සිදුකර දීමට කොරියාවේ ධීවර අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට ලබාදුන් පොරොන්දුව මත ඒ පිළිබද මුලික ශක්‍යතා අධ්‍යනය සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya