මහනුවර දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.
ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මධ්‍යම පළාතේ සියලු ම පළාත් පාලන ආයතනවලට දෛනික පදනම මත කම්කරුවන් බඳවා ගැනීමට අවශ්‍ය බලතල ලබා දී ඇතැයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. එබැවින් ඩෙංගු මර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට එම ආයතන පියවර ගත යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඩෙංගු මර්ධන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වුවත් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය පැතිරිම පාලනය කිරිම අපහසු බවයි. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට බලපාන සාධක අතරින් ප්‍රධානතම සාධකයක් වී ඇත්තේ වැහිපිහිලි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන බැවින් ඉදිරියේදී නිවාස සැලසුම් සඳහා අනුමැතිය ලබාදීමේදී වැහි පිහිලි වෙනුවට වෙනත් ආදේශක සඳහා ජනතාව යොමු කිරීමට පළාත් පාලන ආයතන අවධානය යොමු කළ යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් දැනුවත් කරන ලදී. වැහි පිහිලි භාවිතා කිරීම අධෛර්යට පත්කිරීමටත්, වැහි පිහිලි වෙනුවට වෙනත් ආදේශක යෙදීම ගැන සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණමය දැනුම ලබාදීමට පළාත් පාලන ආයතනවල තාක්ෂණ නිලධාරීන් යොදවන ලෙසද ප්‍රධාන අමාත්‍යවරයා පළාත් පාලන ආයතනවල ලේකම්වරු දැනුවත් කරන ලදී.
ඉදිරි මාසයේදී "මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු තුරන් කරමු" යන තේමාව යටතේ දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දී තිරණය වූ අතර, රාජ්‍ය නිලධාරින් ,ස්වේඡා සංවිධාන සාමාජිකයින් සහ ජනතාව එක් කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කිරීමටද කමිටුව තීරණය කරන ලදී. මෙම වැඩසටහනට අනුව සෑම නිවසකම ඩෙංගු පරික්ෂා කිරිම පිළිබඳ වාර්ථාවක් පවත්වා ගෙන යෑමටත්, ප්‍රචාරක රථ මඟින් ජනතා දැනුවත් කිරීමටත් මෙහිදී තීරණය විය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු ඩෙංගු මර්ධන කමිටුවේ නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගි වූහ.