නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''යොවුන් පියස'' අන්තර්ජාලයට මුදා හැරේ

    අගෝස්තු 15, 2017

    සුවබර ක්‍රියාශීලී යෞවනයකට මංපෙත් විවරකරන ''යොවුන් පියස'' වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම අද (15) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී සිදු කෙරිණි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්. ඩබ්ලිව්.ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් www.yowunpiyasa.lk නමින්වෙබ් අඩවිය එළිදැක්වීම සිදු විය.

    නව යොවුන් වියේ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය සඳහන් කළාය.

    සෞඛ්‍ය කරුණු,සෞඛ්‍ය උපදෙස් ආදී තරුණ තරුණියන් වෙනුවෙන් සකස් කර ඇති වෙබ් අඩවිය වයස අවුරුදු 15-24ත් නව යොවුන්විය ඉලක්කගත වෙයි.

    මෙහිදී අඳහස් දැක්වූ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂක විශේෂඝ්න වෛද්‍ය ප්‍රියානී සේනාධීර මහත්මිය සඳහන් කළේ,නව යොවුන්වියේ දරුවන්ට තොරතුරු සොයාගැනීමට,සාකච්ඡා කිරීමට මෙමඟින් අවස්ථාවක් හිමිවන බවය.

    මෙම වෙබ් අඩවිය සකස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහයෝගය ලැබුණු බව වෛද්‍ය සේනාධීර මහත්මිය සඳහන් කළාය.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් වෙබ් අඩවිය ක්‍රියාත්මක කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya