රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර 2017 සහ 2018 වර්ෂ ඇතුලත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.
කුඹුක් ගස දේශීය ඖෂධ ශාඛයක් වන අතර , පසෙහි අහිතකර ද්‍රව්‍ය අවශෝෂණය කරගනිමින් ජලය පිරිසිදු කරන ජලය සහ වායුගෝලය පිරිසිදු කරන ශාඛයක් වේ. ගංගා, ඇළදොළ, ළිං, ජල උල්පත්, දෙණි මංකඩ යන ස්ථානවල මෙම ශාඛ රෝපණය සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.
පාසල් පරිසර භට කණ්ඩායම් සහ සිවිල් සංවිධානවල මැදිහත් වීමෙන් කුඹුක් පැල තවාන් සකස් කර පැළ ලක්ෂයක් මාස 4ක් වැනි කාලයක් තුළ නිර්මාණය කර ප්‍රජාවගේ දායකත්වයෙන් භාරකාරත්වයක් යටතේ මෙම කුඹුක් පැළ රෝපණය සිදු කෙරේ.
ගොලීය වශයෙන් විශාල බලපෑමක් සිදු කෙරෙන ස්වභාවික විපත් පරිසර දූෂණයට ප්‍රධාන හේතුවක් ලෙස වන ගහණය අඩුවීම පෙන්වා දී තිබෙන අතර වන වැස්ම යළි ප්‍රතිස්ඨාපනය කිරීම සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙවැනි වැඩසටහනක් ආරම්භ කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.