නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ධීවර සංවිධාන සක්‍රිය සංවිධාන බවට පත් කරයි

    අගෝස්තු 15, 2017

    ජාතික ධීවර මහා සම්මේලනයේ කටයුතු වගේම ග්‍රාමීය ධීවර සංවිධාන ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .

    කිරින්ද නිදන්ගලවැල්ල පෙරුප්පන්මුල්ල වැව ඇසල ඉකුත් 12 දින  පැවති තංගල්ල දිස්ත්‍රික් ධීවර සංවිධානයේ මහා සභාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය .

    ඒ අනුව ජාතික ධීවර මහා සම්මේලනය ශක්තිමත් කර ගම් මට්ටමේ බිම් මට්ටමේ ධීවර ජනතාවට සහන සැලසීමට ගතයුතු පියවර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවත් ග්‍රාමීය මට්ටමේ අදහස් යෝජනා අනුව ධීවර සම්මේලනයේ තීරණ ගනු ලබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ග්‍රාමීය ධීවර සංවිධාන 53 ක් තිබෙන අතර කිරින්දෙන් ආරම්භ  මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ තුළින ධීවර ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya