නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික සීනිගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මෙවරත්

    අගෝස්තු 14, 2017

    ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මෙවරත් වීථි සංචාරය කිරීමට නියමිතය.

    පසුගිය වසරේ විනෝද ආඥා පනත යටතේ ජාතික උත්සවයක් වශයෙන් ගැසට් කරන ලද සීනිගම දෙවොල් පෙරහැර 50 වනවරට මෙසේ වීථි සංචාරය කෙරේ.

    අගෝස්තු මස 24 වන දින ආරම්භ කෙරෙන මෙම මහෝත්සවයේ පළමු පෙරහැර අගෝස්තු 26 වන දින දිවා කාලයේ වීථි සංචාරය කෙරේ.

    අවසන් පෙරහැර අගෝස්තු 29 වන දින රාත්‍රී 09.30ට වීථි සංචාරය කිරීමට නියමිත අතර පසු දිනට යෙදෙන දෙවොල් මඩු ශාන්තිකර්ම යාගයෙන් සහ දේවදානයෙන් පුජෝත්සවයේ වැඩ කටයුතු නිම කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් 60කින් පමණ සමන්විත දේවාලයේ ඇසළ පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත.

    ඒ පිළිබඳ සාකච්ඡා කෙරැණ විශේෂ කමිටුවක් අද දින පසුගිය දා දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya