ඊට සමගාමීව ශ්‍රී ලංකාවේද විවිධ වැඩසටහන් පැවැත්වූ අතර ගාල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතන පරිශ්‍රයේදී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර තරුණ දින සැමරුම ලෙස සිය
එක්සත් ජාතීන්ගේ සංවිධානය තරුණ දින සැමරුම් මෙවර 30 වැනි වරට පැවති අතර “තරුණයන් විසින් සාමය ගොඩනගමු” යන තේමාව ඔස්සේ වැඩසටහන් සංවිධානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ මෙම සැමරුම පැවත්වූයේ 25 වැනි වරට වන අතර මෙවර වැඩසටහන සංවිධානය කර තිබුනේ ලෝක යෞවන සේවා පදනම, විශ්ව සාම සම්මේලනය හා සර්ව ආගමික තරුණ සේවාව විසිනි.
මහාසංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන් මෙහි පැවති අතර එම අවස්ථාවට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ඇතුලු පිරිසක් එක්වූහ.