නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත ගැන වැඩමුළු දෙකක් කුරුණෑගලදී

    අගෝස්තු 10, 2017

    තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ වයඹ පළාත් නිලධාරීන් සහ කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු දෙකක් අද (10) කුරුණෑගලදී පැවැත්විණි.

    වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියගේ සහ වයඹ පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මෙම වැඩමුළු ආරම්භ කෙරිණි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩමුළු සංවිධානය කරන අතර මේ වන විට සියලුම පළාත් ආවරණය කරමින් රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් හා දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වා තිබේ.

    මීට අමතරව මෙම පනත සම්බන්ධයෙන් තොරතුරු නිලධාරීන් පුහුණු කිරීමේ නේවාසික වැඩසටහන්, රාජ්‍ය ආයතන සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ නේවාසික වැඩසටහන් සහ සිවිල් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් පැවැත්වීමට ද කටයුතු සැලසුම් කර තිබේ.

    මෙම වැඩමුළු සඳහා රාජ්‍ය නිලධාරීන් මෙන් මාධ්‍යවේදීන්ද රැසක් සහභාගි වූහ.

     

     DSC6736

    rti kuru

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya