විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගයට බලපා ඇති හේතු සේවීම සඳහා පර්යේෂණ රෝහලක් ඉදිකිරිමට පියවර ගෙන ඇත. මැදවච්චිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම පර්යේෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කරන ලදි.
දැනටමත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් 2487 ක් ලියාපදිංචි වී ඇත. මාසිකව රෝගීන් 600 කට අධික සංඛ්‍යාවකට ආයුර්වේද සේවාව තුලින් ප්‍රතිකාර ලබාදෙයි.
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව ද විධිමත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව උතුරු මැද පළාතේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය මාධ්‍යස්ථාන ස්ථාපිත කොට ආයුර්වේද සෞඛ්‍ය සේවාව ගමට ගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් කර ඇත. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවැනි මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කර ඇති අතර, ගලෙන්බිදුණු වැව සහ තලාව නව සෞඛ්‍ය මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා විවෘත කරන ලදි.
මෙම අවස්ථාවන්ට උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය හේරත් බණ්ඩා, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ගීතමනී කරුණාරත්න, එල්.එච්. තිලකරත්න මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.