ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගිවෙමිනි. "සියදිවි නසාගැනීම වැළැක්වීම සඳහා මාධ්‍යයේ සහ සමීපතම ආදරණීයන්ගේ කාර්යභාරය" මැයෙන් ඒ මහතා මෙහිදී දේශනය පැවැත්විය.
යහපත්දැ ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින් දැන්වීම් කරණයේ දී මනෝ උපදේශකවරුන්ගේ අධීක්ෂණය යොදා ගන්නා නමුත් මාධ්‍ය වාර්තාකරණයේ දී එවන්නක් සිදු නොවන බවත් සිදුනොවන අතර ම සියදිවි නසාගැනීම් වාර්තා කිරීමේ දී අවම මෙන් ම වගකීමකින් වාර්තා කිරීම සිදු කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.
1995 වසරේ දී ක්‍රිකට්වලින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානය හිමිකරගත් අතර ම එම වසරේ දී ශ්‍රී ලංකාව සියදිවි නසා ගැනීම හරහා ද ලෝකයේ දෙවන ස්ථානය හිමිකරගත් බව පේරාදනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ කිළිණි රාජපක්ෂ මහත්මිය පෙන්වා දුන්නාය.
1997 වසරේ දී පුද්ගලයින් 100,000කට 79දෙනෙකු ද, 2007 වසරේ දී පුද්ගලයින් 100,000කට 321දෙනෙකු ද සියදිවි හානිකරගෙන ඇති බවත් පෙන්වාදෙන විශේෂඥ වෛද්‍ය තිළිණි රාජපක්ෂ මහත්මිය 2004 වසරේ දී දියදිවි හානිකරගැනීමට තැත්කළ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමට ඇමෙරිකානු ඩොලර් 866.304ක මුදලක් වැය කොට ඇතැයි ද පෙන්වා දුනි.
එමෙන් ම ඖෂධ අළෙවිය සීමා කිරීම හරහා ම ප්‍රතිඵල ලගාකරගත නොහැකි බවත් දැනුම්වත් කිරීම් සිදු කළ යුතු බවත් ඒ මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.