අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටල් පරිශ්‍රයේ පැවැති "අපිම අරඹමු - ඩෙංගු දුරලමු” ජාතික වැඩසටහනට සමගාමීව පැවැති ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට එක්වෙමිනි.
"ඩෙංගු වසංගත තත්ත්වය මුලින්ම වාර්තා වුයේ කින්නියා ප්‍රදේශයෙන්. එය කඩිනමින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණා. මේ වනවිට ඩෙංගු රෝගය මර්දනය කරමින් තිබෙනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද දෛනිකව අඩු වෙනවා. කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගී වාට්ටුව ඊයේ (07) සිට වසා දැමීමට පියවර ගත්තා. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීම සඳහා තවත් වාට්ටු කිහිපයක් පසුගිය කාලයේ ලබාගත්තත් එම වාට්ටු ද මේ වනවිට වෙනත් රෝගීන් ඇතුළත් කර ගැනීම සඳහා යොදාගෙන තිබෙනවා. ඩෙංගු රෝගය තාවකාලිකව මර්දනය කිරීමෙන් වැඩක් නැහැ. අඛණ්ඩව ඩෙංගු මදුරු මර්දන කටයුතු දියත් කළ යුතුයි".
"පසුගිය කාලයේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මදුරු මර්දන ක්ෂේත්‍ර නිලධාරීන් විශාල දායකත්වයක් ලබාදුන්නා. වෛද්‍යවරුන් අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝග නිවාරණ කටයුතු සඳහා සහ ප්‍රතිකාර සේවා සඳහා කැපවීමෙන් කටයුතු කළා. ඩෙංගු රෝගීන්ගේ අඩුවීම සඳහා එය ද දායකත්වය දැක්වූවා. ඉදිරියේ දී දේශගුණික විපර්යාස සිදු වුවහොත් යළි ඩෙංගු රෝගීන් වැඩි වෙන්න පුළුවන්. එම නිසා පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කළ යුතුයි. කෙටි කලකින් මෙම වසංගතය අඩුකර ගැනීමට හැකිවීම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක්" යැයි ද අමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ නිසි බලධාරී වෛද්‍ය අජිත් මෙන්ඩිස්, ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකයේ නිලධාරින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෝටර්ස් ඒඡ් සභාපති චමත් ද සිල්වා මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.