නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඟිති තරු තාරකා විද්‍යා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

    අගෝස්තු 07, 2017
    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් නොමිලේ පවත්වනු ලබන "සිඟිති තරු" තාරකා විද්‍යා පාඨමාලාවේ 3 වන කණ්ඩායම බඳවා ගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.
     
    එළැඹෙන සැප්තැම්බර් මස ආරම්භ කෙරෙන මෙම පාඨමාලාවේ කාලය මාස 04කි. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.10.00 සිට 12.00 දක්වා පාඨමාලාව පැවැත්වේ.
     
    මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන සිසු සිසුවියන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර කාර්යාලයෙන් හෝ www.planetarium.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගන්නා අයදුම්පත් සම්පුර්ණ කර අගෝස්තු 25 දිනට පෙර කාර්යභාර නිළධාරී, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07. ලිපිනයට යොමු කළ යුතුය. ඉඩකඩ සීමිත බැවින් සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනීමට කටයුතු කෙරේ.
     
    පාසල් සිසුන් අතර තාරකා විද්‍යාව විෂය ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මෙම පාඨමාලාව සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya