නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෘද රෝග සැත්කම් වලට භාවිත කරන ස්ටෙන්ස් මිල සුව ඇමැති අඩු කරයි

    අගෝස්තු 06, 2017

    හෘද රෝග සැත්කම් සදහා භාව්ත කරන ස්ටෙන්ස් මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    ගම්පහ ව්ද්‍යාරවීන්ද්‍ර පිරිවෙනේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම වෙනුවෙන් ඊයේ (05) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඒ අනුව වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ස් රුපියල් 24,000 ක් දක්වා මිල අඩු කර ඇත. රුපියල් ලක්ෂ 03 1/2 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ස් මිල රුපියල් එක්ලක්ෂ 5000 දක්වා මිල අඩු කර ඇත.

     2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මෙම මිල නියාමනය සිදු කර තිෙබි. හෘද සැත්කම් සදහා මෙතෙක් වෙළෙදපොලේ ස්ටෙන්ස් අධික මිල ගණන් යටතේ අලෙව් කිරිම තුළින් හෘද රෝගීන් ගැටළු රැසකට මුහුණ දී සිටියහ. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ස් මිල අඩු කිරිමට පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම්  දී තිබුනි.

     ඒ අනුව මිල නියාමනය සිදු වන අතර, ඊයේ (05) සිට මෙම මිල ගණන් වලට ස්ටෙන්ස් වෙළෙදපොලේ අලෙවි වන්නේ දැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශණයක් ද සිදු කරනු ලබයි.

    රජයේ රෝහල් වලට පැමිණෙන හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර පියවර ගෙන තිබුනි. ඉදිරියේ දී ඉතා අධික මිල ගණන් වලට අලෙවි වන ඖෂධ සහ උපකරණ මිල තව තවත් අඩු කර  රෝගී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. වෙළෙදපොලේ ස්ටෙන්ස් අලෙව්කරන සමාගම් මෙම මිලට ස්ටෙන්ස් අලෙවි කළ යුතු බවත් පෞද්ගලික රෝහල් හෘද සැත්කම් සිදු කිරීෙමි දී භාවිත කරන ස්ටෙන්ස් සදහා මෙම මිල අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

    මේ අතර මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැති ව්වාදය ඒකාබද්ධ ව්පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම පහත් ක්‍රීයාවක් බවයි. කිසිවෙකු උත්සවයකට ආරාධනා කළ විට පක්ෂය, ජාතිය ආගම නොබලා ඊට සහභාගි ව්ය යුතුයි. එම සංස්කෘතික ලක්ෂණයක්. හිටපු ජනාධිපතිනියගේ කාලයේ දී අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය වර්ජනය කිරිමට මන්ත්‍රීවරුන් උත්සාහ කළා. නමුත් මම ප්‍රකාශ කළා පාර්ලිමේන්තු සම්ප්‍රධාය කඩ නොකර එම භෝජන සංග්‍රහයට සහභාගි විය යුතු බව. මා සමග හිටපු ජනාධිපතිනිය විරුද්ධ වුවත් මම භෝජන සංග්‍රහයට සහභාගි වී සිටිම පිළිබද ඇය පුදුමයට පත් වුනා. එම නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඕනෑම අභියෝගයක් බාර ගැනීමට රජය සුදානම් බව පැවසීය. රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම පිළිබද මාධ්‍යවේදීන් විමසු විට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය ඉදිරියේ පවතින කටයුත්තක් බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya