නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙපාර්ශවයේ ම අයිතීන් සුරක්ෂිත කළ යුතුයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අගෝස්තු 02, 2017
    මවකට තම දරුවාට මව් කිරි ලබාදීමට මෙන් ම දරුවෙකුට ද තම මවගෙන් මව්කිරි බීමට ද අයිතියක් ඇති බවත් එබැවින් දෙපාර්ශවයේ ම අයිතීන් සුරක්ෂිත කිරීමේ වගකීමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
     
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
     
    මව්කිරිවලට විකල්පයක් ලෙස පිටිකිරි ලබාදීමේ දී එහි සත්‍යතාවය පිළිබඳ ව අවබෝධයක් තිබිය යුතු යැයි ද විකල්ප කිසිම අවස්ථාවකදී නියම දෙයට සම නොවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
     
    උපදින සෑම දරුවෙකුට ම පළමු මාස 06 තුළ දී මව්කිරි හැර වෙනත් දෙයක් නොදීමට කටයුතු හැකිනම් එය ඉතා වටිනා කටයුත්තක් බවත්, 2035 දී ඉහළ ආදායම් ලබන රටක් ලෙස සංවර්ධනය වීමේ ඉලක්කයක් වත්මන් රජය සතු වන බවත් තවමත් අප මැදි ආදායම් ලබන රටක් බවත් එහිදී ප්‍රාථමික සෞඛ්‍ය හා ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන බවත් පෙන්වා දුන්නේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya