අමාත්‍යාංශය යටතේ පවතින ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙවර ජාතික වැඩිහිටි දින උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.
මෙම සම්මාන ලාභි ජ්‍යෙෂ්ඨයන් පහත දැක්වෙන ක්ෂේත්‍රයන්ගෙන් තෝරා ගැනීමට නියමිත අතර ඒවා වන්නේ නර්තන , සංගීතය , සිනමා , සෞඛ්‍ය , රාජ්‍ය පරිපාලන , නාට්‍ය , සාහිත්‍ය , ජනමාධ්‍ය , ක්‍රීඩා හා සමාජසේවා යන විෂයන් බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.
ජාතික වැඩිහිටි දින උත්සවයේ දී මෙසේ පිදුම් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සම්මාන වලට අමතරව මුදල් ත්‍යාග ද ලබා දීමට නියමිත බව පවසන අමාත්‍යවරයා ඉහත සඳහන් ක්ෂේත්‍රයන්ගෙන් ජාතික හා අන්තර්ජාතික මට්ටමින් ශ්‍රී ලංකා නාමය බැබලවූ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ තොරතුරු අගෝස්තු මස 30 දිනට පෙර ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වෙත දුරකතන අංක 0113 - 094 543 , ෆැක්ස් අංක 0112 – 187 015 හා ඊමේල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මගින් දන්වන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටි.