නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපව්‍යාප්ත පාසල් ඩෙංගු මර්දන වැඩසටහනේ තෙවැනි දිනය අදයි

    ජූලි 30, 2017

    දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් ජුලි මස 28 දින ආරම්භ කළ ඩෙංගු මර්දන වැඩසටහනේ තෙවැනි දින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරේ.

     විශේෂ ඩෙංගු රෝග මර්දන වැඩසටහනක් සෑම පාසලක ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


    ඒ අනුව, පාසල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වය ද ඇතිව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාගනිමින් මෙම වැඩසටහන් සියලු පාසල් තුළ සක්‍රීය ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.
    මීට අමතරව මෙම විශේෂ වැඩසටහන සඳහා පාසල් ප්‍රජාව සමඟ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ‍සිවිල් ආරක්ෂක බළකාය ද අත්වැල් බැඳගනු ඇත.

    හෙට දිනයේ සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන අතර, අධ්‍යයන කටයුතු වෙනුවට පාසල් කාලය පුරා පාසල් දරුවන් ද සම්බන්ධ කරගනිමින් මෙම පවිත්‍රතා ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. මෙහි දී පාසල් දරුවන්ට පාසල් නිලඇඳුම වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගී විය හැකි විනීත ඇඳුමකින් සැරසී පැමිණීමට ද අවසර ලබා දී තිබේ.
    මෙම ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන සෙනසුරාදා(29) සහ ඉරිදා(30) දිනයන්හි දී ද පාසල් පරිශ්‍රයන් සහ ඒ අවට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ද පාසල් ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya