නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනෙන් මදුරු කීටයින් සහිත පරිශ්‍ර 738 සොයා ගැනේ

    ජූලි 30, 2017

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් (27) සිට දින 03 ක් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරීෙමි වැඩපිළිවෙලට සමගාමීව පසුගිය 27 දින බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ආරම්භ විය. එහිදී පරිශ්‍ර පරීක්ෂා කිරිම සදහා කණ්ඩායම් 1200 ක් පත්කර තිබුනි.

    ඒ අනුව (27) දිනය තුළ බස්නාහිර පළාතේ පරිශ්‍ර 35,720 ක් පරීක්ෂාවට ලක් කර මදුරු කීටයින් සහිත පරීශ්‍ර 481 ක් සොයා ගන්නා ලදි. පරිශ්‍ර 4827 ක් නිවැරදි කිරීමටත්, 1058 නොතීසි සහ 330 කට නඩු පැවැරීමට ද කටයුතු කරන ලදි.

    තව ද රාජ්‍ය ආයතන 58 ක් එම දිනය තුල පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඉන් ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 07 ක් සොයා ගැනීමට හැකිව ඇත. ආයතන 15 කට නිවේදන නිකුත් කරන ලද අතර, පෞද්ගලික ආයතන 08 ක සහ කර්මාන්ත ශාලා පරිශ්‍ර 08 ක ද ඩෙංගු මදුරු කීටයින් හමුව ඇත.

    මෙම මදුරු මර්දන වැඩසටහනේ දෙවන දිනයේ (28) පරිශ්‍ර 22,736 ක්, පරීක්ෂාවට ලක් කර ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 257 ක් සොයා ගන්නා ලදි. එහිදි 809 කට නොතිසි සහ 129 කට නඩු පැවැරිමට කටයුතු කළ අතර, මෙහිදී පරීක්ෂා කළ මුළු නිවාස සංඛ්‍යාව වන 4443 න්, නිවාස ආශ්‍රිත පරිශ්‍ර 245 ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇත. එහිදී 743 කට නොතිසි සහ 126 කට නඩු පවරන ලදි.

    දැනට ඩෙංගු අවධානම සහිත පළාත් 05 කි. බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමුව සහ දකුණ එම පළාත් වෙයි. ඇතැම් පළාත්වල ඩෙංගු රෝගීන් අඩුවීමෙි ප්‍රවණතාවයක් දක්නට ලැඛෙන අතර, තවත් ප්‍රදේශ කිහිපයකින් අලුතින් ඩෙංගු මදුරු කීටයින් සහ රෝගීන් වාර්තා වී ඇත. පුත්තලම, මාතලේ, උකුවෙල, බදුල්ල සහ හාලි ඇල එම ප්‍රදේශ වෙයි. රෝගීන් වැඩිවීම පාලනය කළ යුතු අතර, මරණ සංඛ්‍යාව අවම කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. දිවයිනේ ඇතැම් රෝහල්වල ඩෙංගු අධි සත්කාර ඒකක ද ස්ථාපිත කර තිෙබි. ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය මානව සම්පත සහ උපකරණ සියල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ වනවට ලබා දී ඇත.

    28 දින සියළුම පාසල් පිරිසිදු කිරීමෙි වැඩපිළිවෙළක්  ක්‍රීයාත්මක ව්ය. තව ද අගෝස්තු නිවාඩු මාසයේ ද සතියකට වරක් පාසල් පද්ධතිය පිරිසිදු කිරීමට සැළසුම් සකස් කර ඇත.  

     ඊයේ (29) මෙම ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya