නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විභාග ශාලාධිපතිවරුන්ට උපදෙස් සම්මන්ත්‍රණ මාලාවක්

    ජූලි 27, 2017

    එළඹෙන අගෝස්තු මාසයෙන් ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සංවිධානය කිරීම, වංචා වැළැක්වීම ඇතුළු විභාග පරිපාලනමය කටයුතු පිළිබඳව විභාග ශාලාධිපතිවරුන්, සහකාර ශාලාධිපතිවරුන් සහ සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ  උපදෙස් සම්මන්ත්‍රණ මාලාවක් ‍මෙම දිනවල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා පවසයි.

    දිවයින පුරා අධ්‍යාපන ප්‍රදේශ 38කදී නිලධාරීන් 11,000 සඳහා පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණ මාලාව දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වේ.

    මේ වන විට ආරම්භ කර ඇති මෙම සම්මන්ත්‍රණ මාලාව ලබන 03 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව මෙම සම්මන්‍රණ සඳහා මෙවර උසස් පෙළ විභාග ශාලාවන්හි සේවය කිරීමට නියමිත  ශාලාධිපතිවරුන්, සහකාර ශාලාධිපතිවරුන් සහ සම්බන්ධීකරණ නිලධාරීන්ගේ සහභාගීත්වය අනිවාර්ය වන බවත් එසේ සහභාගී නොවන නිලධාරීන්ගේ පත්වීම් අවලංගු කරන බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya