නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල් සැපයීම අද සවස සිට යථා තත්ත්වයට

    ජූලි 26, 2017

    දිවයින පුරා තෙල් බෙදාහැරීම් සහ ප්‍රවාහන කටයුතු  අද (26) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් වන බව සම කැබිකට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය ‍වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

    තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා හමුදාවේද තාක්ෂණික සහය ලබාදී තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. ඒ මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය තුළ රාජ්‍ය දේපල ආරක්ෂා කිරීමටත්, වර්ජනයෙන් ඉවත්ව සිටින නිලධාරීන් ආරක්ෂා කිරීමටත් කටයුතු කර තිබෙන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya