ඒ අනුව කරන ලද නිරීක්ෂණවලින් අනතුරුව අක්කර 954ක් නිසි පරිදි වගා කිරීමට හැකි වන අතර ඉන් ගොවි පවුල් 716 කට ප්‍රතිලාභ අත්වෙයි. මෙමගින් රජය දැරිය යුතු පිරිවැය අවම කරගනිමින් මනා ජල කළමනාකරණය තුළින් කෘෂිකාර්මික සංවර්ධනය ඇති වී රැකියා වියුක්තියට ද විසදුම් සැපයීමට හැකිවීම විශේෂත්වයකි.
මෙහිදී වැව් ප්‍රතිසංස්කරණයට පෙර කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ හරහා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ඵලදායීතාව ඉහළ නැංවීමේ ඉඩ කඩ සොයා බැලුවේය.