නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට්හි රැඳී සිටි 51 දෙනෙකු යලි දිවයිනට

    ජූලි 25, 2017
    කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටිය දී විවිධ කරදරවලට ලක්වූ ලාංකිකයින් 51 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි අද (25) දිවයිනට පැමිණියහ. 
     
    මෙම පිරිස ගිවිසුම්ගත සේවා කාලය ඉක්මවා සේවයේ නිරත වීම, වැටුප් නොලැබීම, හිරිහැර සහ විවිධ අසනීප තත්වයන් ආදිය නිසා තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසය භාරයේ රැඳීසිටි කාන්තාවන් සහ කුවේට් රජය මගින් පවත්වාගෙන යන කඳවුරේ රැදී සිටි කාන්තාවන් වේ. 
     
    මොවුන් සියලු ම දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිස වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවර ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන්ට නිවෙස් බලා යාම සඳහා ගමන් ගාස්තු කාර්යාංශය මඟින් ලබාදෙන ලදී.
     
    කුවේට් තානාපති කාර්යාල ඉතිහාසයේ සුරක්‍ෂා නිවාසවල රැඳවියන් ඉතා අඩුම ප‍්‍රමාණය රැඳී සිටින්නේ මෙම කාලය තුළදීය. ඒ අනුව, කුවේට් සුරක්ෂා නිවාසවල කාන්තාවන් 46 ක් සහ කුවේට් රජය මඟින් පවත්වාගෙන යන කඳවුරේ 96 ක්ද වන සේ කාන්තාවන් 142 දෙනෙකු පමණක් දැනට ඉතිරිව සිටින අතර එම පිරිසද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස විදේශ රැකියා අමාත්‍යතුමිය උපදෙස් දී තිබේ. 
     
    2016 වසරේදී මෙසේ විවිධ කරදරවලට ලක්වූ 4989 දෙනෙකු විදේශ රටවලින් ගෙන්වා ගෙන ඇත. ඒ අතරට කුවේට් රාජ්‍යයෙන් ගෙන්වාගත් 1669, සෞදි අරාබියෙන් 684ක් හා කටාර් රාජ්‍යයෙන් ගෙන්වාගත් 2190 දෙනෙකුද අයත්වේ. 2015 වසරේ ලාංකිකයින් 2734 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නා ලදී. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya