නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගු දෙපාර්තමේන්තුවේ විභාගයක් 29 දා

    ජූලි 25, 2017

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ III වන ශ්‍රේණියේ රේගු නියාමක තනතුරට ආධුනිකයින් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2017 විභාගය ලබන 29 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 34කදී මෙම විභාගය පැවැත්වේ.

    විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් වෙත මේ වන විට විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර යවා තිබේ.

    ඒ පිළිබඳ යම් විසීමක් ඇතොත් පහත දූරකතන අංකයන් ඇමැතීමට කටයුතු කළ හැකි.

     

    දූරකතන අංක 0112785230/0112177075


    ක්ෂණික ඇමතුම් - 1911 (පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya