නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අංශවල විශේෂඥ දැනුම, විදේශ පුහුණුවීම් විධිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

    ජූලි 24, 2017

    ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල විශේෂඥ දැනුම හා අත්දැකීම් වෙනත් රටවල් සමග හුවමාරු කර ගැනීම හා ආරක්‍ෂක අංශයේ විදේශ පුහුණුවීම් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යෑම, ආදී කරුණු පිළිබඳ සාකච්ඡාවක් අද (24) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

     

    ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර මෙම සාකච්ඡාව සිදු විය.

     
    එමෙන්ම උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී ආරක්‍ෂක අංශවල දායකත්වය කෙසේ වියයුතුද යන්නත් මෙහිදී අවධානය යොමු වූ තවත් කරුණකි.

    ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් ජාත්‍යාන්තරයේ වැරදි ප්‍රතිරූපයක් ඇත්නම් එය නිවැරදි කළහැක්කේ කුමන ආකාරයටද යන්නත් මෙහිදී අවධානයට යොමු විය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල ගෞරවය, සුරක්‍ෂිතතාවය, එමෙන්ම රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා වන ආකාරයෙන් කටයුතු කිරීම සදහා ගතයුතු පියවරයන් මෙන්ම ජාත්‍යාන්තරය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න මෙහිදී අවධානයට ලක්වු කරුණු අතර වේ.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ , අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම මත ජාත්‍යාන්තරය දිනා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රටේ මානව හිමිකම් ආරක්‍ෂා කර ගැනීම හා රටක් ලෙස ඊට මුහුණදිය යුත්තේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරිණි. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලු ජාතින්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කරගැනීම සඳහා ආරක්‍ෂක අංශවල වගකීම හා දායකත්වය, මෙන්ම එය ශක්තිමත් කිරීම, ඒ සඳහා බාධක ඇත්නම් එය හදුනාගැනීම සාකච්ඡාවේදී අවධානයට ගැනිණ.

    ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, යුධහමුදාපති ලුතනන් ජනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිෂ් අද්මිරාල්, රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම යන මහත්ම මහත්මීන් ඇතුළු ආරක්‍ෂක අංශ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහූ පිරිසක් මීට සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya