නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟය පවුල් 303748කට බලපායි

    ජූලි 24, 2017

     

    දිවයිනේ දිස්ත්‍රික්ක 15 බලපා තිබෙන අධික නියඟ තත්ත්වය හේතුවෙන්  පවුල් 303748ක පුද්ගලයන් 10,55455ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

    එම වාර්තාවට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 45185ක පුද්ගලයන් 147992ක් පීඩාවට පත්ව තිබේ.


    මේ වනවිට දිවයිනේ ත්‍රීකුණාමලය, මඩකළපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, බදුල්ල, හම්බන්තොට, මහනුවර හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට නියඟය බලපා තිබේ.

    මෙම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පානීය ජල සැපයුම සිදු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya