‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ඉදිරි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජයේ මාණ්ඩලික නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම රැස්වීමක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"අපි . ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල භූමි ප්‍රදේශය විශාලයි. නමුත් පවුල් සංඛ්‍යාව සහ ජනගහනය ඉතාමත් අඩුයි. මේ ඇතැම් ගම්මානවලට කිසිම රාජ්‍ය නිලධාරියකු ගතවූ අවුරුදු 40ක කාලයේ දී ගිහින් නැහැ. ඇතැම් මාර්ගවල තවමත් යාමට නොහැකියි. නිල මෙහෙවර පැවැත්වෙන එක්තරා රැස්වීමක දී මා එතැන සිටි අයගෙන් ඇහුවා යුද්ධය නිසා කිසිවෙකුත් මිය නොගිය පවුලක සාමාජිකයකු සිටිනවානම් අත් ඔසවන්න කියා. කියන්නත් කණගාටුයි කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ කියන්නේ සෑම පවුලකම එක් අයෙක් හෝ මිය ගිහින්. "
ජනතාවට තිබෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම රැස්වීම සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු මැති ඇමතිවරු ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකකනායක මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නිල් ද අල්විස් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු රැසක් හා රජයේ මාණ්ඩලික නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.