අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිසා මානසික පීඩාවට පත් වූවන් හමු වෙයි

    ජූලි 22, 2017

    තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජනමාධ්‍යවල ප්‍රවෘත්ති කියවීමෙන්, දැකීමෙන් හෝ නැරඹීමෙන් වික්ෂිප්තභාවයට පත්ව විවිධ මානසික පීඩාවන්ට ලක්වූවන් බව විශේෂඥ මනෝ විද්‍යාඥ ගිහාන් අබේවර්ධන මහතා පවසයි.

    මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිස්ත්‍රික්‍කයේ ජනමාධ්‍යවේදීන් සඳහා පැවති විශේෂ වැඩමුළුවකට සහභාගී වෙමිනි. මාධ්‍ය භාවිතයේදී පුද්ගලයාට මානසික වශයෙන් සිදුවන අහිතකර බලපෑම සහ මානසික රෝග යන මාතෘකාව යටතේ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා කරුණු දැක්වීය.

     

    මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා ලංකාවේ ජනමධ්‍ය බොහොමයක්ම ප්‍රවෘත්ති ඇතුළු වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංගනය කරන බව පෙන්වා දුන් අතර, ඒ අතරින් විද්‍යුත් මාධ්‍ය ඉතා ප්‍රබල බවද පැවසීය. හදිසි අනතුරු, ස්ත්‍රී දූෂණ සහ ළමයින් සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමේදී ඒ සම්බන්ධයෙන් යොදා ගන්නා රූපරාමු මනසට විශාල බලපෑමක් කරන බව පැවසූ වෛද්‍යවරයා  ඒවා ජනතාවගේ විවිධ මානසික පීඩාවන් සදහා හේතුවන බවද පෙන්වා දෙන ලදී. ඊට අමතරව විවිධ ලෙඩ රෝග සහ රෝගීන් සම්බන්ධයෙන් සිදු කරන වාර්තා කිරීම් වලදීද මාධ්‍ය ආචාර ධර්ම උල්ලංගනය වීම් දැකගත හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

     

    එබැවින් මාධ්‍ය වාර්තාකරණයේදී මේ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම ජනමාධ්‍යකරුවන්ගේ වගකීමක් බව පෙන්වා දුන් වෛද්‍යවරයා වාර්තාකරුවා සිට මාධ්‍ය හිමිකරුවා දක්වා වූ මාධ්‍යකරණයේ නියැලී සිටින සියලුම පාර්ශවයන් මේ සම්බන්ධයෙන් දැනුවත්වීමේ අවශ්‍යතාවයක් ඇති බවද පෙන්වා දෙන ලදී.

    මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී. රණේපුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය වැඩමුළුව සමාජ සවිබලගැන්වීම් සුභ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යංශයේ උපදේශන අංශය මගින් මෙම වැඩමුළුව පැවැත්වූ අතර, විශ්මිත මාධ්‍යයක් නිර්මාණය කිරීමෙහිලා මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන ලෙස මෙය නම් කොට තිබුනි. මහනුවර දිස්ත්‍රික්කයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරන ජනාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya