අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපහාර උළෙල - 2017

    ජූලි 22, 2017
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දශක දෙකහමාරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව වෙත ප්‍රශංසනීය සේවාවක් ඉටු කළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත ගෞරවය පුද කිරීමේ අරමුණින් පවත්වන උපහාර  උළෙල 24දා පස්වරු 2.00 ට බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හි ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.
     
    මෙම උත්සවය මෙබඳු උපහාර පිරිනැමීමක් සිදු කෙරෙන තුන්වැනි අවස්ථාව වන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ මග පෙන්වීම යටතේ මෙම කර්තව්‍යය සිදු කෙරේ.
     
     
    කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතරින් අවුරුදු 35 ඉක්මවා සේවය කර ඇති  17 දෙනෙක්, වසර 25 ඉක්මවා සේවය කර විශ්‍රාම ගිය 48 දෙනෙක්, වසර 25 ඉක්මවා සේවය කර ඇති 219 දෙනෙක් හා ක්‍රීඩාවේ අද්විතීය දක්ෂතා දක්වමින් කළ ජයග්‍රහණ තුළින් පාර්ලිමේන්තුවට කීර්තිය ගෙන ආ 8 දෙනෙක් මෙම උපහාර ලබන්නන්ට ඇතුළත් වෙති.
     
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන අතර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සහ නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් අඩෛක්කලනාදන් මහත්වරු විශේෂ අමුත්තන් වශයෙන්  සහභාගී වනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya