අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය රාජ්‍ය අනුග්‍රහයෙන් හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව

    ජූලි 21, 2017

    ඉන්දීයානු රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකුට බටහිර බෙංගාල විශ්වවිද්‍යාලය යටතේ පිහිටුවා ඇති කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ ශිෂ්‍යත්ව පිරිනැමිම වෙනුවෙන් සුදුස්සන් තෝරා ගැනීම පිණිස සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.

    පාඨමාලා කාලය වර්ෂ 5 ½ කි. පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු සුදුසුකම්ලත් හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයකු ලෙස කටයුතු කිරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.
     
     
    පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර www.nih.nic.in වෙබ් අඩවියෙන් ලබාගත හැක.
     
    අයදුම්පතක් සමඟ සියලුම සහතිකපත් වල සහතික කරන ලද පිටපත්ද සහිතව 2017.07.31දින හෝ ඊට ප්‍රථම අතිරේක ලේකම් (පාලන) දේශීය වෛද්‍ය අංශය, සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, නො 464, 4 වන මහල T.B. ජායා මාවත, කොළඹ - 10 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවර “ හෝමියෝපති උපාධි පාඨමාලාව

    සම්මුඛ පරීක්ෂණය 2017.08.05 දින පවත්වනු ඇත.
    විමසීම් සඳහා දුරකථන අංක : දේශීය වෛද්‍ය අංශය : 0112676376

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya