මේ අනුව දිවයිනේ ධීවර වරාය පරිශ්‍ර 20ක මෙම වැඩපිළිවෙල යටතේ පිරිසිදු කිරීම් සිදු කෙරේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ උපදෙස් පරිදි ධීවර වරාය සංවර්ධන නීතිගත සංස්ථාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.
ධීවර වරායවල අත්හැර දමන ලද ධීවර යාත්‍රා පිළිබඳ සමීක්ෂණය පසුගිය දිනවල සිදු කරන ලද අතර ධීවර යාත්‍රා 181ක් භාවිතයට නොගෙන අත්හැර දමා ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇත. එම ධීවර යාත්‍රා සියල්ලම මේ වනවිට විනාශ කර දැමීමට පියවර ගනු ලැබීය.