අමාත්‍යවරිය මේ අදහස් ප‍්‍රකාශ කළේ,කොළඹ,ඩී.එස්.සේනානායක විද්‍යාලයේ පැවති ප‍්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ ”සියුමැලි රේඛා -2017” ප‍්‍රදර්ශනයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ සඳහන් කළාය.
පුංචි දරුවෙක් මුලින්ම සමාජයට අවතීර්ණ වන අවස්ථාව තමයි පාසලේ ප‍්‍රාථමික අංශය. පාසලේ ප‍්‍රාථමික අංශයට දරුවෙක් ඇතුල් කරන අවස්ථාවේ දරුවාගේ හිතේ ඇතිවුනු දේ තමයි දරුවා සමාජගත වෙනකොට ඉදිරියට අරගෙන යන්නේ. පොඩි කාලෙම අපිට ආදරය ගෙදර වගේම ලැබෙන්න ඕනි තැනක් තමයි පාසල. ඒ අය හරි මග යොමු කිරීම වගේම දරුවන්ට අවශ්‍ය කරන මාර්ගෝපදේශන ලබාදෙන්න ගුරු මණ්ඩලයට වගකීමක් තියනවා. මොකද මේ පුංචි දරුවන්ගේ මානසික මට්ටම පවත්වාගෙන යන්න.
දරුවො 6000 විතර ඉන්න අඩසියවසක් පමණ සමරණ ඩී.එස් සේනානයක විද්‍යාලය අභිමානවත් ගමනක් යන්නේ විශේෂයෙන්ම මේ කි‍්‍රයාකලාපයන් තුල විදුහල්පතිතුමාගේ සිට සියලූ දෙනාගේම කැපවීම මත කියන එක අපි
දන්න කාරණයක්. දරුවන් පාසලට එනකොට ඒ දරුවන්ට වර්ගීකරණයක් කරන්නේ නැතුව බෙදන්නේ නැතුව හැමදෙනාටම එක විදියට පාසලේ ගුරුතුමන්ලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා නම් යහපත් සමාජයක් බිහිකිරීමේ වගකීම හරියට ඉටු කලා කියලා සන්තෝෂ වෙන්න පුලූවන්.
විදුහල්පතිතුමා පාසල වෙනුවෙන් විශාල වැඩ කටයුත්තක් කරන්න කැප වෙලා ඉන්නවා වගේම ආචාර්ය මණඩලයත් ඒ සම්බන්ධයෙන් උවමනාවක් ගන්න නිසා තමයි මෙවන් කටයුත්තක් කරන්න ඕනි කියන සිතුවිල්ලම පහල වෙලා තියෙන්නේ. මේක තමයි කාර්යභාරය විය යුත්තේ. මේ පරිසරය හැම පාසලක තියනවා නම්, මෙවැනි වැඩකටයුතු සම්බන්ධයෙන් තමන්ගේ වගකීම අනෙක් පාසල් වල ගුරුමණ්ඩලය හැටියට ඉටු කරනවා නම් නිරෝගීමත් හොඳ මානසික මට්ටමක් තියන සමාජයක් බිහිකිරීම සිදු වෙනවා.
පුංචි දරුවන්ට මේ වයස තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ.දරුවන්ට යමක් නිදහසේ කරන්න තියන ප‍්‍රාථමික අංශයේ තමයි දරුවන් අද ඉන්නේ. ටික දවසක් යනකොට අපි කැමති නැති වුනත් අම්මලා අපේ කරේ බලෙන්
බෑග් එක එල්ලනවා පොත් ගොඩක් එක්ක තනැති තරඟයකට ඇදලා දානවා. හැබැයි ටික දවසක් ගියාම අපි මේ දේවල්වලින් අයින් වෙනවා. පුතාලට චිත‍්‍ර අවශ්‍යත් නෑ, සංගීතය අවශ්‍යත් නෑ*ුමදඑත කි‍්‍රඩාව අවශ්‍යත් නෑ, පොත් ටිකෙන් විතරයි අපි දිනන්න ඕනි කියන තැනකට යනවා. ඕගොල්ලො හැම කෙනෙක්ම හොඳට ඉගෙනගන්න ඕනි. උගත්කම කිසිකෙනෙක්ට හොරකම් කරන්න බෑ. මෙතන ඉන්න පුතාලට සමහර වෙලාවට ඔයාලගේ ගෙවල්වල තියෙන බඩු නැතිවෙන්න පුළුවන්. ගෙවල්වලට හොරු ඇවිත් තියෙන්න පුළුවන්. වෙනත් දේවල් හොරකම් කරලා තියෙන්න පුළුවන්. උගත් අම්මලා තාත්තලා ඉන්නකොට, උගත්කම කියලා කියන්නේ උපාධියක් ගන්න එකම නෙවෙයි. අපි හැමකෙනෙක්ටම මෙතන ඉන්න හැම පුතෙක්ටම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක උපතින්ම අරන් එක.
ඔයාලා තව ටිකක් යනකොට ඉගෙනගනියි අපි මොලේ ඇතුලේ පොඩි මෝටර් එකක් හයිකරලා තියෙනවා. මේක අපි නිතරම කි‍්‍රයාත්මක කරන්න ඕනි.මේක යොදවන්නේ නැතුව අපි ඔහේ ඉන්න ගියොත් අපි කම්මැලි වුණොත් නෑ මේක අවශ්‍ය නෑ මේක හෙට පාවිච්චි කරන්නම් කියලා හිටියොත් අපිට වරදිනවා. ඒ නිසා පුතේ ඔයාලා ඔක්කොටම හොඳට ඉගෙනගන්න පුළුවන්. ඉගෙනගැනීමත් එක්කම මොකද ඉගෙනගත්තේ නැති තැන තියෙන්නේ හරිම හිස්බවක්. ඒකට වටිනාකමක් ඔයාලා වැඩිවියට පත්වෙලා තවත් ඉස්සරහට යනකොට ඔයාලට දැනෙයි. හැබැයි ඉගෙනීමත් එක්කම මේ කටයුතුත් ඉස්සරහට ගෙනියන්න ඕනි. අපි පාසල් යනකාලේ අපිත් එක්ක හිටිය ඇන්ටිලා ඒගොල්ලො ජපන් වලින් එන පදක්කම් දිනුවා. එහෙම නැත්නම් කැනඩාවෙන් එන පදක්කම් දිනුවා. ලෝකයේ පිටරටවල දරුවොත් එක්ක තරගකරලා පදක්කම් දිනුවා. ඒ වගේ තමයි හැමදේම චිත‍්‍රවල විතරක් නෙවෙයි දක්ෂ විදිහට කි‍්‍රයාකාරකම් කරන්න ඕනි. බාහිර කි‍්‍රයාකාරකම් නැතුව අපි පොතේම විතරක් හිටියොත් අපි සාර්ථක වෙන්නේ නෑ.
විශේෂයෙන්ම කි‍්‍රඩාව තුළින් ඉස්කෝලේ එනවා වගේ පොත් කියවනවා වගේ යම් කි‍්‍රඩාවක් තෝරගෙන කණ්ඩායම් හැගීම එනවා. එකට වැඩකරන්න ඕනි. එකට නැගිටින්න ඕනි. එකට දිනන්න ඕනි කියන හැගීම හිත් තුළින් එනවා. ඉතින් මම හරි ආසාවෙන් පුතාලා හරි ලස්සනට චිත‍්‍ර ඇඳලා තිබුණා. මම විදුහල්පතිතුමාට කිව්වා මේ චිත‍්‍රවලින් හදන කැලැන්ඩරයෙන් පිටපත් ටිකක් මටත් දෙන්න කියලා. රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇතැම් පාසල්වල දරුවන්ට මේ හැම පහසුකමක්ම නෑ. ඒ පාසලකට එකක් ගානේ දුන්නොත් ඒ අය හිතයි ඩී.එස්. එකේ *ළමයින්ට වගේ අපිටත් පුලූවන් කියලා නිර්මාණ ඒ අය ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තරගයෙන් දිනපු චිත‍්‍රවලින් හදපු කැලැන්ඩර් රත්නපුර දිස්ති‍්‍රක්කයේ පාසල්වලත් එල්ලනවා කියලා මම මතක් කරනවා. මේ දිනපු අය විතරක් නෙවෙයි ඉදිරිපත්වීමම අපිට සන්තෝසයක්. මෙතන ඉන්න 1-4 දරුවන්ට ලබන වසරේත් සියුමැලි රේඛා චිත‍්‍ර තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන්” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළාය.