අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන රජයේ පරමාර්ථ ඉෂ්ඨ කිරීමට කැපවෙනවා - සෞඛ්‍ය අමාත්‍ය

    ජූලි 21, 2017

    යහපාලන රජයේ පරමාර්ථ ඉෂ්ඨ කිරීමට කැප වී සිටින බැවින් රජයේ අනාගතය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව ගිවිසුම්ගතව ආරම්භ කළ රජය වසර 2020 දක්වා ද ඉන් පසු නව ගිවිසුමක් යටතේ වසර 2025 දක්වා ද රට පාලනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    ජපානයේ ජයිකා ව්‍යාපෘතිය යටතේ ගල්ගමුව රෝහලේ ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වත්මන් රජය මානුෂවාදී ප්‍රතිපත්තියක් යටතේ ජනතාවට සහන ලබාදෙනවා. අන්ත දුගී ජනතාවගේ පැලටත් විදුලිය ලබාදුන්නා. යහපාලන රජය කළ සේවාව රුපියල් ශත වලින් මනින්න බැහැ. මනුෂ්‍යකමින් තමයි මනින්න ඕන. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ලබාදීමට රජය කටයුතු කළා. වෙනසක් ඇති වන විට විවිධ ප්‍රශ්න පැනනගිනවා. එය බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ කාලයේ සිට තිබූ ගැටළුවක්. අපේ රට ගොඩනැගීම සදහා සියළු දෙනා සහයෝගය ලබාදිය යුතුයි. උසස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් උසස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීම සදහා විශාල සේවාවක් ඉටු කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජයෙන්. දුම්කොළ භාවිතය අවම කිරිමට රජය ගත් ක්‍රියාමාර්ග අගය කළ යුතු වෙනවා. එම ක්‍රියාමාර්ග ගත්තේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. දුම්කොළ භාවිතය අවම කිරිමට පසුගිය රජය සමයේ කටයුතු කිරිමට වත්මන් ජනාධිපතිවරයා උත්සාහ කළත් ඊට බාධා එල්ල වුනා. කුමන බාධක පැමිණියත් රජය ඉදිරියටම ගමන් කරනවා. වසර 2020 දක්වා රජය පවතින අතර, ඉන් පසු නව ගිවිසුමක් යටතේ වසර 2025 දක්වා රට පාලනය කරනවා.”

    මෙම අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික බණ්ඩාරනායක මහතා සහ තාරානාත් බස්නායක මහතා වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya