මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර මහ රෝහල දෙවන ජාතික රෝහල ලෙස නම් කිරිමට තීරණයක්

    ජූලි 20, 2017

    දිවයින පුරා විසිරී සිටින 3000 කට ආසන්න තැලසීමියා රෝගීන්ගේ ඇටමිදුලු බද්ධ කිරිම සදහා මහනුවර ඉදිකරන රෝහල් සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිරික්ෂණයකට ලක් කරන ලදි.

    මහනුවර මහ රෝහලේ සංචාරයක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගොඩනැගිල්ලේ සැළසුම් පරික්ෂා කර බලා මහල් 07 කට රෝහල් සංකීර්ණය ඉදිකරන ලෙස දැනුම් දෙන ලදි. මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරිම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රම දායකත්වය ලබාදීමට ද තීරණය කර ඇත. තැලසීමියා රෝගීන්ගේ කවය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම රෝහල් සංකීර්ණය ඉදිකරන අතර, එහි ඉදිකිරීම් කටයුතු වසර 2020 ට ප්‍රථම අවසන් කිරිමට ද නියමිතය.

    මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර මහ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබදව ද අවධානය යොමු කරන ලදි. එම රෝහලේ ඉදිකිරීම් කටයුතු සදහා ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 700 ක මුදලක් කඩිනමින් ගෙවන ලෙස අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිවරයාට නියෝග කරන ලදි.


    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවෙි දෙවන ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. ලබන වසර වන විට එය සිදු කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අමල් හර්ෂ ද සිල්වා මහතා, මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුලු වෛද්‍යවරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya