මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ ප්ලාස්ටික්,පොලිතීන්වලින් තොර පරිසර ආරක්ෂකාරී වැඩපිළිවෙලක්

    ජූලි 20, 2017

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් තොර පරිසරය ආරක්ෂකාරී ලෙස පවත්වාගැනීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ.

    මහනුවර දළඳා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දැල මහතා අද (20) කොළඹ,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතව විසින් ගෙන එන ප්ලාස්ටික් ජල බෝතල් හා වෙනත් පොලිතීන් ද්‍රව්‍ය නැවත රැගෙන යැමට කටයුතු කරන ලෙසත් එසේ නොමැතී නම්, පොලිතීන් ද්‍රව්‍ය නගරයේ තැන තැන නොදා විධිමත් ලෙස බැහැර කිරීමට කටයුතු කරන ලෙසත් ය.

    පෙරහැර වීදි සංචාරය කොටස අවසන් වීමෙන් පසු යළි මහනුවර නගරය වෙළඳ නගරයක් ලෙස ජනාකීර්ණ වන බවත් එම නිසා පරිසරය පිරිසිදුව තබාගැනීම වැදගත් බවත් පෙන්වා දුන්නේ ය. පෙරහැර සඳහා සහභාගිවන සියලු ජනතාවගේ සනීපාරක්ෂ පහසුකම් හා ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව කී නිලංග දැල බණ්ඩාර මහතා, පෙරහැර සාර්ථක කරගැනීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යාවශ්‍ය බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya