අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා විසදීමට සුව ඇමැතිගෙන් පොරොන්දූවක්.

    ජූලි 20, 2017

    ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවන සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (19) පැවැත්විනි.

    එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වෛද්‍ය වෘත්තීය කියන්ගේ ගෞරවනීය රැකියාවක්. මම වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරතව සිටින විට ජනාධිපතිවරුන් සමග සාකචිඡා මාර්ගයෙන් ගැටලු විසදා ගත්තා. එම ජනාධිපතිවරුන් වෛද්‍යවරුන්ට ගෞරව කළා. ඡේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස එම ජනාධිපතිවරුන් වෙනවා. අද රාජ්‍ය නායකයින් ඉදිරිපිටට ගොස් ඇතැම් වෘත්තීය සමිති නායකයින් සාකචිඡා කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකටයි එදා සාකචිඡා පැවැත්වුනේ.

    අද වෘත්තීය සමිති වලට මොකද වෙලා තිබෙන්නේ. වෘත්තීයමය ගැටලු වලට වඩා පෞද්ගලිකමය ගැටලු සහ දේශපාලන ගැටලු ප්‍රමුඛ වී තිබෙනවා. වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමෙි දී ගැටලු තිබුනා. අධ්‍යාපන අමාත්‍යාංශය තුලට රිංගා අමාත්‍යවරයාට බලපෑම් කිරිම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාත් අසීරුතාවයට පත්වුනා. එම නිසා අධ්‍යාපන අමාත්‍යවරයා මට දැනුම් දූන්නා වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුලත් කර ගැනීමෙි ලේඛණය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සකස් කර ලබාදෙන්න කියලා. ඒ අනුව මෙි වසරේ දී ළමයින් 60 ක් පමණ ඇතුළත් කළා.

    වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් වර්තමානයේ සිදූ කරන්නේ රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින්. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තමන්ගේ වාසියට පමණක් ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කරමින් තිබුනා. එහෙම කිරිම තුලින් තමයි නව වෛද්‍ය සංගම් බිහි වන්නේ. මම කිසිදූ අවස්ථාවක දේශපාලන ස්ථාන මාරුවීම් ලබාදෙන්නේ නැහැ. ස්ථාන මාරුවීම් වලට බලපෑම් කරන්නෙත් නැහැ. නමුත් මාව විවෙිචනය කරමින් ඇතැම් සංගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාමර වල පවා රැදී සිටිනවා. රාජ්‍ය සේවා කොමිසන් සභාව ස්ථාන මාරුවීම් සිදූ කරන බැවින් දැන් කාටවත් බලපෑම් කරන්න බැහැ. වෛද්‍යවරුන්ගේ නිල නිවාස ලබන මස අවසන්වීමට ප්‍රථම ලබාදීමට කටයුතු කරනවා. එය විදේශිය ආයෝජනයක්. නිල නිවාස අවශ්‍ය වෛද්‍යවරුන්ගේ ලේඛණය සකස් කර තිබෙනවා.

    මම සිරිසඟබෝ වෙන්නේ නැහැ. බලහත්කාරයෙන් දෙන්න යන්නෙත් නැහැ. මගෙන් ඉල්ලීමක් කළොත් පුලුවන් නම් ලබාදෙනවා. ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට විවිධ විවෙිචන එල්ල කරන විට ඒ වෙනුවෙනුත් මා පෙනී සිටිනවා. අග්‍රාමාත්‍යවරයා මානසික රෝගියෙක් බව ඇතැම් වෛද්‍ය සංගම් වල නායකයින් පසුගිය  කාලයේ ප්‍රකාශ කළා. ඒ ගැන රාජ්‍ය සේවා කොමිසන් සභාව පරික්ෂණ පවත්වනවා. එවැනි චෝදනා ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරයා සමග තමයි එම වෛද්‍ය සංගමය පසුගියදා සාකචිඡා පැවැත් වූයේ. වර්තමාන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එම සංගමය කළ ප්‍රකාශ මම මෙතන කියන්නේ නැහැ. මම වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී උදවු කර තිබෙනවා. වෘත්තීය ගැටලුවක් සම්බන්ධයෙන්.

    ඒ පිළිබදව මටත් වඩා හොදට එස්.බී දිසානායක අමාත්‍යවරයා දන්නවා. එහෙම උදවි කළ මට දැන් විවෙිචන ඉදිරිපත් කරන්නේ රාජපක්ෂලා පරාද කිරීමට දායක වූ නිසා වෙන්න පුලුවන්. එම සංගමයේ අය සතියකට දෙවරක් රාජපක්ෂලා හමු වෙනවා. වියත් මගේ දේශන පවත්වනවා. මට විෙවිචන එල්ල කළත් වෘත්තීයවෙිදීන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කැප වෙනවා."

    "ශේ්‍රණීගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම සැසිවාරයට ආරාධනා කළ විට මම එම ආරාධනාව පිළිගත්තා. වෛද්‍යවරුන් කොටසක් හරි ඇත්ත තත්ත්වය කියා දීම සදහා ආරාධනා කිරීම පිළීබදව ස්තූතිවන්න වෙනවා. වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා විසදීම සහ තිබූ වරප්‍රසාද නැවත ලබාගැනීම සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට මම කටයුතු කරනවා. වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට ලබාදෙන වැටුප් ප්‍රමාණවත් නැහැ. වැටුප් ඉහළ දැමිය යුතුයි. එමගින් වෛද්‍යවරුන් විදේශගතවීම පවා නතර කර ගැනීමට හැකියාව ලැබෙනවා."

    මෙම අවස්ථාවට ශේ්‍රණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති රුචිර සරණපාල මහතා සහ ලේකම් නිරෝෂන් පේ්‍රමරත්න මහතා ඇතුලු වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya