අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ උපකාරක පන්ති ලබන 2 දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

    ජූලි 20, 2017

    2017 උසස් පෙළ විභාගයට අදාලව පවත්වන සියලුම උපකාරක පන්ති හා ඒ හා සම්බන්ධ සියලු කටයුතු අගෝස්තු මස 02 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් පසු පැවැත්වීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

    ඒ අනුව 2017 අගෝස්තු මස 02 වන දින සිට මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන 2017 සැප්තැම්බර් 02 වන දින දක්වා සම්පූර්ණ කාලය තුළ මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින කිසිදු අපේක්ෂකයෙකු සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්ණ ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම හා බෙදා හැරීම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්ණ ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්ණ ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවන් දෑ ළඟ තබා ගැනීම තහනම් වේ.

    වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ 2013.06.21 දිනැත්ව නිකුත් කරන ලද අංක 18016 ගැසට් නිවේදනය ප්‍රකාරව 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තියට අනුව යම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ පාර්ශවයක් විසින් මෙම නියෝග නොසලකා ක්‍රියා කරන්නේ නම් එකී පාර්ශවය සම්බන්ධයෙන් දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවයි.

    යම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ පාර්ශවයක් විසින් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දුරකථන අංකවලට පැමිණිලි කළ හැකි බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පොලිස් මූලස්ථානය            : 0112421111
    පොලිස් හදිසි ඇමතුම් අංකය        : 119
    ක්ෂණික ඇමතුම් අංකය(වි.දෙපා)        : 1911
    පාසල් විභාග සංවිධාන ශඛාව        : 0112784208 / 0112784537

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya