මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනෝ විද්‍යා උපදේශනය පිළිබඳ මහනුවර මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ

    ජූලි 20, 2017

    සමාජ සවිබල ගැන්විම් සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශන අංශය මඟින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන මනෝ විද්‍යා උපදේශන වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අද (20) දා මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ.

    මාධ්‍ය භාවිතයේ දී පුද්ගලයාට මානසික වශයෙන් සිදු වන අහිතකර බලපෑම සහ මානසික රෝග පිළිබඳ විශේෂ දේශනයක් මහනුවර මහ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා විසින් පැවැත්විමට
    නියමිතය.

    මනෝවිද්‍යා උප‍දේශන නිලධාරි තේජා බුලත්වත්ත මහත්මිය විසින් මනෝවිද්‍යා විෂය සහ ප්‍රචාරණයේ දී මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතය පිළිබඳ දේශනයක් ද පැවැත්වේ. මේ සඳහා මහනුවර දිස්ත්‍රික්ක‍යේ සියලු ම මාධ්‍යවේදීන්ට විවෘත ආරාධනාවක් කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya