මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා

    ජූලි 20, 2017

    මෑත කාලයේදී අනිකුත් රටවලට වඩා වැඩි වේගයෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වී පාර්ශික වෙළඳාම වර්ධනය වී ඇති බවත් පසුගිය වසරේදී චීනය අපගේ ප්‍රධානතම ආනයන මූලය බවට පත්ව ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා ප්‍රදර්ශණ හා සම්මේලන ශාලාවේ (SLECC)පැවති චීන - ගුවාන්ක්ෂි නිෂ්පාදන ප්‍රදර්ශණයට සහභාගි වෙමිනි. චීනයේ ගුවාන්ක්ෂි ප්‍රාන්තය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කර ද්වීපාර්ශික ආර්ථික හා වාණිජ සහයෝගීතාව දියුණු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශණය සංවිධානය කර තිබුනි.

    ශ්‍රී ලංකාව හා චිනය අතර ද්වීපාර්ශික වෙළඳාමේ වටිනාකම ඩොලර් බිලියන 4.4 ක් වැනි  ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සිදුකළ මුළු ආනයන වලින් 42% ක් ම චීනයෙන් සිදුකර තිබුණු බව ද සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ශ්‍රී ලංකාව හා චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් තිබෙන බවයි.

    චීනය ඉහළ දල දේශීය නිෂ්පාදිතයක් සහිත රටක් වන අතර අන්තර් ජාතික මූල්‍ය අරමුදල (IMF) හා ලෝක බැංකුව ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට ලෙස චීනය නම් කර තිබෙන බවත්  මෙවැනි ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම ශ්‍රි ලංකාවට ඉතා වාසිදායක බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    චීනයේ අනිකුත් ප්‍රාන්ත සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව ගුවාන්ක්ෂි ප්‍රාන්තය සමඟ පවතින වෙළඳ සම්භණ්ධතා ඉහළ මට්ටමක පවතින අතර එය ඩොලර් මිලියන 80 ක් වන බවත්  මෙවැනි ප්‍රදර්ශණ හරහා එම ප්‍රාන්තවල  නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගිකයා හට ලබා ගැනීමේ අවස්ථාව උදා වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    විදුලි උපකරණ, ආහාර, තේ, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, රෙදි පිළි වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ගුවාන්ක්ෂි ප්‍රාන්තයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයින් 30 දෙනෙක් මෙම ප්‍රදර්ශණය සඳහා සහභාගි වී සිටි අතර මෙය ගුවාන්ක්ෂි ප්‍රාන්තය විසින් ලංකාවේ පැවැත්වූ පළමු ප්‍රදර්ශණය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya