අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා නියමු ව්‍යාපෘතියක්

    ජූලි 19, 2017

    'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන යටතේ පාසල් සිසුන්ගේ ගමනාගමන පහසුව සඳහා නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය සඳහා බස් රථ 04ක් මිල දී ගැනීමට  සිදු වන අතර ඒ සඳහා රුපියල් මිලියන 12.86ක පිරිවැය වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    ප්‍රවාහන දුෂ්කරතා අවම කරමින් පාසල් සිසු  දරුවන් වෙත සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, උතුරු මැද පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප 04ක පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

    මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya