අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 3,56728ක් පෙනී සිටිති

    ජූලි 19, 2017

    මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට ඉල්ලුම් කළ සියලුම අයදුම්කරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

    මෙම විභාගය අගෝස්තු මස 20 වන දින පැවැත්වීමට නියමිතය. මේ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන් 3,56728කගේ ප්‍රවේශ පත්‍ර 2017.07.14 වන දින අදාල විදුහල්පතිවරුන් වෙත  තැපැල් කර ඇති බව කොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියේය.

    මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493ක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    ප්‍රවේශ පත්‍රයන්හි යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍යවේ නම් අදාළ විදුහලේ විදුහල්පති මඟින් 2017.08.01 දිනට පෙර  විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කර අදාළ සංශෝධන සිදු කර ගත යුතු බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් යම් විමසිමක් වෙතොත් පහත දුරකතන අංකවලට අමතා තොරතුරු විමසිය හැකි බවද ඒ මහතා පැවසීය.

    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 0112784208/ 0112784537/ 0113140314
    ෆැක්ස් අංකය                 : 0112784422
    ක්ෂණික ඇමතුම් අංකය                 : 1911

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya