අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ උත්සාහය ප‍්‍රශංසනීයයි - සිංගප්පූරු විදේශ ඇමති

    ජූලි 18, 2017
    ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය ප‍්‍රශංසනීය බව සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා පවසයි. 
     
    සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.
     
    දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා හෙට යාපනයේ සංචාරයක නිරතවිමට නියමිත අතර එහිදී යාපනය පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක්  සිදු කිරීමට ද නියමිතය.
     
    පුස්තකාල කාර්ය මණ්ඩලයට සිංගප්පුරුවේ පුහුණු අවස්ථා ලබාදීමේ ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබෙනු ඇත. එමෙන්ම යාපනය රෝහල සඳහා විකලාංග අංශයක් ඉදිකිරීමට සහය දැක්වීමට ද සිංගප්පුරු රජය අපේක්ෂාවෙන් සිටී. මෙම කටයුතු සඳහා දක්වන සහය වෙනුවෙන් සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමු ජනාධිපතිතුමා අතීතයේ සිට දෙරට අතර පවතින සමීප සබඳතාවය ද සිහිපත් කළේය. එමෙන්ම ජාත්‍යන්තර තලයේදී සිංගප්පූරුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය  ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාව තුළ සිංගප්පුරු ආයෝජන ඉහළ නැංවීම පිළිබඳ පුළුල් ඉඩකඩක් තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා තමා සිංගප්පුරු ආයෝජකයින්ට ආරාධනා කරන බව ද පැවසීය.
     
    ශ‍්‍රී ලංකාවේ බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පුරුව සූදානම් බව මෙහිදී පැවසූ විදේශ අමාත්‍යවරයා දැනටමත් සිංගප්පුරු ආයෝජකයින් 300 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකර තිබෙන බව ද සඳහන් කළේය.
     
    ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය මෙහිදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉදිරියේදී කැපවී කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya