මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම විනිසුරු පත්වීම් 400ක් පිරිනැමේ

    ජූලි 18, 2017

    මහා සංඝරත්නය 50 නමක් ඇතුළු  සමාජ සේවකයින් 400 දෙනෙකුට සාම විනිසුරු පදවි පිරිනැමීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.



    ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයන් අතුරින් ආගමික, අධ්‍යාපන, සමාජීය, වෘත්තීය හා වෙනත් සමාජ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් ප්‍රජා සේවාවන්වලදී කාර්යක්ෂම සේවාවක් ඉටු කරනු ලබන සමාජ සේවකයන් හට ඔවුන්ගේ සමාජ සේවාවන් තවදුරටත් ඉටු කිරීම සඳහා නිල පිළිගැනීමක් ලබා දෙමින් මෙම පත්වීම් පිරිනැමේ.

    අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තියට ප්‍රකාරව අධිකරණ අමාත්‍යවරයා විසින් පිරිනමනු ලබන මෙම ගෞරවනීය තනතුර සමාජය යහමගට ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් දායකවිය හැකි ප්‍රජා නායකයින්ට පිරිනැමිණි.
     
    මෙම පිරිස දිවයිනේ සියලු ම මැතිවරණ කොට්ඨාස නියෝජනය වන පරිදි තෝරාගෙන ඇති අතර, මෙම ප්‍රජා නායකයින්ගේ සේවාවන් සැලකිල්ලට ගෙන අධිකරණ බලප්‍රදේශ, මුළු දිවයිනටම යන වර්ගීකරණය යටතේ සාම විනිසුරු පත්විම් ලබාදිම සිදු විය.‍

    මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya